Saturday, August 7, 2010


         "ඳුර....!!!"     
අසත්‍ය සත්‍යවී, 
හොඳ ගුණ නුගුණ ලෙස
යහපතට බැනවැ දී                
මිනිස් සම්පත අඳුරු කතරක                
බව තරණය                
දිගුය.......... අපහසුය.                
දැන දැනත් පහන් සිල්                
දැල් වෙනා එළිය දැක                   
නොදැන එය විපත ලෙස                   
යහපතට නිගා කොට                   
සසර දුක දිගු කරන පළගැටියන්                   
අපමණය......!                   
දකින්න ලොව මනස විවෘතව                   
මසැසින් නොව මනසින්ම,                   
ඳුර දැනේනම්                
එන්න අඳුරෙන් එළියට                
හැකිය ඔබ හට                 
සිත දැඩිව.....!!!

No comments:

Post a Comment