දහම් ගඟ

"සම්මා සම්බුදු හිමිපාණන්"



බුද්ධං සරණන් ගච්ඡාමි
ධම්මං සරණන් ගච්ඡාමි
සංඝං සරණන් ගච්ඡාමි

                                       ශ්‍රී ලංකා මෑණියන් සමිබුදු හිමිගේ පහස ලද උතුම් වූ ලක් දෙරණක් ලෙස ලොව සුපතල බව නොරහසකි. මා මෙලෙස ඒ ලොවුතුරු අමාමෑණි වූ බුදු පියාණන් පිළිබඳව ඔබගේ මතකය යලිඳු අවදිකරනු වස් මෙලෙසින් නැවත ඔබව ඒ මතක සයුරෙහි ගිල්වන්නෙමි.

                                        එදා පුරසඳ පෑයූ ඇසළ පුර පසලොස්වක පෝ දිනයක් විය. මේ සුන්දර පින්වත් රාත්‍රි‍යේ මහා මයා දේවිය සිරියහනේ වැතිර සුව නින්දේ පසුවන්නට විය. එම රාත්‍රියේ දී ඇය අපූරු සිහිනයක් දුටුවේ ය. ලස්සන සුදු ඇත් පැටවෙක් ලස්සන සුදු නෙළුම් මළක් සොඬින් ‍ගෙන සිරි යහන වටා තෙවරක් පැදකුණු කොට සිය දකුණු ඇළ‍යෙන් ඇයගේ කුස තුලට ඇතුල් වනු ඇය එම සිහිනයේ දී දුටුවේ ය. පසු දින එය සිය සැමියා වන සුද්ධෝදන රජතුමාට සැල කළ සිටි විට සිහිනයේ පලාඵල විමසීමට සුද්ධෝදන රජතුමා වහාම බමුණෙකු රජ මාලිගාවට කැඳවා සිහිනයේ පලාඵල විමසන්නට විය. සිහිනය අනුව පින්වත් පුත්රුවනක් කුස පිළිසිඳගෙන ඇති වග බමුණා ප්‍රකාශ කරන ලදි.





                                                  කල් යත්ම මහා මායා දේවිය දුටු සිහිනය සෑබෑවන දිනය එළඹිය. එදා වෙසක් පුර පසලොස්වක පොහොය දිනයක් විය. මහා මායා දේවිය රජගහ නුවර සිට දෙව්දහ නුවරට ගමන් කරමින් සිටිය ඒ ආශ්චර්යවත් ‍මොහොත උදාවිය. ඒ ලුම්බිණි සල් උයනේදී ය. ලුම්බිණි සල් උයනේදී ලස්සන සල් ගසක් යටදී සිදුහත් බෝසත් කුමරු උපත ලැබුවේ ය. එම මොහොතේ මුළු පරිසරයම මණරම් විය. දෙව් බමුන් පවා සාදුකාර දෙන්නට විය. සිදුහත් බෝසත් කුමරු උපත ලද මොහොතේ දීම ඇවිදින්න‍ට විය. මෙය ආශ්චර්යක් නොවේ ද ? එපමණක් ද නොවේ සිදුහත් බෝසත් කුමරු උපත ලද පසු නෙළුම් මල් හතක් මතින් ඇවිද ගොස් මෙසේ ප්‍රකාශ කරන ලදි.

අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ටෝ හමස්මි ලෝකස්ස
සෙට්ටෝ හමස්මි ලෝකස්ස
අයමන්ති මා ජාතී නත්ථි දානී පුණං භවෝ




මෙහි අර්ථය නම්,

මම ලොවට අග වෙමි.
මම ලොවට දෙටුවෙමි.
මම ලොවට සෙටුවෙමි.
මේ මාගේ අවසන් උපතයි.
පසු මතු උපතමෙයින් ක් නැත.






මෙයින් පසු මතු උපතක් නැත. මෙලෙස සිදුහත් බෝසත් කුමරු ගේ උපත සිදුවන්නට විය. සිදුහත් කුමරු ගේ උපත සිදු වී සත් දිනක් ගතවත්ම මහා මයා දේවිය කළුරිය කරන්නට විය. එය අනාගතය ගැන ලකුණු පහළ කරන්නක් විය. කල්යත්ම සුද්ධෝදන රජතුමා සිදුහත් කුමරුට නම් තැබීම සඳහා සර්වමිත්‍ර බමුණාට ඇරයුම් කරන ලදි. එදින ද අපූරු සිදුවීමක් සිදුවිය. සර්වමිත්‍ර බමුණාට සිදුහත් කුමරු පෙන්වූවිට දී සිදුහත් කුමරුගේ දෙපා එසවී සර්වමිත්‍ර බමුණාගේ නළල් තලයෙහි වැදෙන්නට විය. ඒ මොහොතෙහි සර්වමිත්‍ර බමුණා කුමරුට වැනදේ ය. එය දුටු සුද්ධෝදන රජතුමා සිය ගුරුවරයා ද කුමරුට වැන්‍ ඳේ නම් තමාද එය කල යුතුය සිතා කුමරුට වැඳින ලද්දේය.  එය පිය රජතුමා ගේ පළමු වැඳීම විය. සර්වමිත්‍ර බමුණා සිදුහත් කුමරුගේ අනාගතය ගැන මෙලෙස කියන්නට විය. “මෙම කුමරු ගිහිගෙයි විසුව හොත් මතු දිනක දී සක්විති රජ වන අතර ගිහිගෙය හැරගිය හොත් ඒකාන්තනයන්ම බුදුබව ලබයි. ” යන්න ප්‍රකාශ කරන ලදි. මේ අනුව කුමරුට සිද්ධාර්ථ යන නම තබන ලදි. සිද්ධාර්ථ යන්නෙන් අදහස් වූයේ “ලොවට අර්ථයක් යහපතක් ” යන්නයි. සිද්ධාර්ථ කුමරු ඉගෙනීමට අති දක්ෂයෙක් විය. දිනක් සී සෑමේ උත්සවය අවස්ථාවේ දී සිද්ධාර්ථ කුමරු පලු ගසක්යට හිඳුවා සිටිය දී ගුවනෙහි පලක් බැඳ අනා පාන සති භාවනාව වඩන ලදි. මෙය දුටු සියල්ලන් ම සිද්ධාර්ථ කුමරුට වඳින්නට විය. සුද්ධෝදන රජතුමාද එය දැක දෙවන වරට කුමරුට වඳින්නට විය. මෙය පිය රජතුමා ගේ දෙවන වැඳුම විය. සිදහත් කුමරු මැනවින් ශිල්ප ඉගෙන ගෙන තම ශිල්ප සිය ඥාතීන්ට දක්වන ලදි.


කල් යත්ම නිසි වයසට පාමිණි සිද්ධාර්ථ කුමරු යශෝදරා දේවිය සරණපාවා ගන්නා ලදි. මේ කාළය තුල දී චන්න ඇමති හා කන්ථඛ අසු සමඟ උයන් සිරි නැරඹීමට යන කුමරු සතර පෙර නිමිති(මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, පැවදි රුවක්) දැකීම නිසා ගිහි ගෙය කළකිරීමට ලක්ව එය ගැන බොහෝ කම්පා වන්නට විය. මිනිසුන් උපදිනවා, ලෙඩවෙනවා, මහළුවෙනවා, මැරෙණවා මේ සසර ගමන කෙතරම් කටුක ද. දුක්ඛිත ද යන්න වටහා ගත් සිද්ධාර්ථ කුමරු මෙයින් මිදීමට හොඳම මඟ පැවිද්ද බව වටහා ගන්නා ලදි. තව ද නළඟනන්ගේ විකාර දැකීම නිසා ගිහිගෙ‍ය කළකිරීම දෙගුණ තෙගුණ විය.





එදා ඇසළ පුර පස‍ළොස්වක පොහොය දිනයක් විය. සිය කුළුඳුල් දරුවා රාහුල කුමරු සමඟ යශෝ‍දරා දේවිය සිරියහනේ වැතිර සිටින්නට විය. සිය බිරිඳ හා දරුවා දෙස වරක් බලා ඔවුන් අවදි වේයයි සිතා රහසින්ම ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරු තීරණය කරන ලදි. මෙලෙස රහසින්ම ගිහිගෙය හැර යන්නට තීරණය කරනු ලැබූ වේ අන් කවරක් නිසා නොව දේවිය අවදි වුවහොත් කවර දාකවත් මේ ගමන යාමට නොහැකිවන බව සිදුහත් කුමරු දන්නා බැවින්. සිය පියාට මේ වග සැළකල නොසිටියේ, සුද්ධෝදන රජතුමාගේ එකම බපාපොරොත්තුව සිය පුතු සක්විති රජ වනු දැකීම නිසාය. මේ නිසා කන්ථඛ අසු සහ ඡන්න ඇමති කැඳවා රහසින් ම ගිහිගෙය හැර යන්නට විය.








පසුව අනෝමා ගං තෙරට පැමිණ තමා අන් අය සසර දුකින් මුදවා ගැනීමට යන වග පවසා කන්ථඛ අසුට හා ඡන්න ඇමතිට දුක් නොවන ලෙස පවසා සිය කෙස් වැටිය කපා ඡන්න ඇමතියට එය සිය පියාට මේ වග සැලකිරීමට සාක්ෂි වශයෙන් රැගෙන ගොස් දෙන ලෙස පවසන ලදි.



මතු සම්බන්ධයි.......
(මම මෙය තවදුරටත් ඉදිරියට ලිවීමට බලාපොරොත්තු වන්නෙමි.)