Saturday, August 7, 2010


         "ඳුර....!!!"     
අසත්‍ය සත්‍යවී, 
හොඳ ගුණ නුගුණ ලෙස
යහපතට බැනවැ දී                
මිනිස් සම්පත අඳුරු කතරක                
බව තරණය                
දිගුය.......... අපහසුය.                
දැන දැනත් පහන් සිල්                
දැල් වෙනා එළිය දැක                   
නොදැන එය විපත ලෙස                   
යහපතට නිගා කොට                   
සසර දුක දිගු කරන පළගැටියන්                   
අපමණය......!                   
දකින්න ලොව මනස විවෘතව                   
මසැසින් නොව මනසින්ම,                   
ඳුර දැනේනම්                
එන්න අඳුරෙන් එළියට                
හැකිය ඔබ හට                 
සිත දැඩිව.....!!!

Friday, August 6, 2010



"කඩතුරාව මගේ ඇසින් "


ජයගන්න ජීවිතය
පිවිසෙන්න ඉදිරියට
දකින්න ලොව "කඩතුරාව" හැර
අනාගතය ඔබ අතය
දිරි දෙන්න වැඩ ගන්න
කාළය අපමණය
සහශ්‍රයෙන් එපිටට
මෙපිට සිට දකින්නට
ලොව දියුණු වී ඇත.
අප නැවතී ඇයි ද.........!!!
"කඩතුරාව"..........බාධාවක්ද...?
විවර කිරීම ඔබ අතය.
මෙලෙසින් "කඩතුරාව",
මේ ඔබගෙත් මගෙත් කාළයයි.

සිතන්න...!!!


ප්‍රෙහෙළිකා අංක 01

1. මි2.
3.
5.
4.
ට්
6.
7.
්‍ය
 
6.
පි
9.

හරහට
01. ලෝකය මේ නමින් ද හඳුන්වයි.
02. විනාඩියකට මේවා 60ක් පමණ ඇත.
03. බොහෝ අය ප්‍රීතිය සමරන්නට යොදාගනී.
04. ඉන්දියාවේ උතුම් කොට සලකන සත්වයෙකි.
05. ආහාර රසවත් කිරීමට යොදා ගනී.
06. මුහුණ යන්නට සමාන පදයකි.
07. මිනිසාගේ අභ්‍යන්තර සිරුර ආරක්ෂා කරගන්නේ මේ මඟිනි.
08. මරණය කෙළවර වන්නේ මේ තුල මිහිදන් කරීමෙන් පසුවය.
09. විෂඝෝර සර්පයෙකි.


පහළට

01. ලෝකයේ දියුණුම සත්වයා ලෙස හඳුන්වයි.
02. පණිවිඩ හුවමාරුවේ දී අත්‍යාවශ්‍ය වේ.
03. 'වැරදි' යන්නට සමාන අරුත දෙන පදයකි.
04. අකාශ වස්තූන් මේ හේතුව නිසා විනාශ වීමට ලක්වෙයි.
05. සිතේ මවාගන්නා රූපය මේ නම් වේ.
06. තාත්තා යන්නට සමාන අරුත ගෙන දෙයි.
07.ගවයන් යොදා ගනිමින් සිදුකරන මෙ‍ම ගමන මේ නමින් හඳුන්වයි.
08. මේවා පානය කිරීම නිසා මරුමුවට පත්වෙයි.